Tuesday, May 1, 2012

තේරවිලි


තේරවිලි
1අම්මා නිදි දුව පෙරළෙයි- මිරිස් ගල

2දවල්ට කණා-බකමූණා

3කාගේත් මල්ලී-කොත්තමල්ලී

4තනි කකුලේ සුද්දා- බිම්මල

5නැට්ට නැති කොලේ- කඩදාසි කොලේ

6නැට්ට නැති ගෙඩිය-බිත්තරය

7ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක්- අන්නාසි

8බෙල්ලෙන් අල්ලා මුල්ලේ තියනවා-හිරමණය

9කාගෙත් අයියා-දහයියා

10මවු මරා උපන් කුමරා-කෙසෙල් මල

1 comment: