ගණිත ගැටළු- ප්‍රදීප්
ලියනගේ-2012-05-09
1 නාට්‍යයක් නැරඹිම සඳහා
වැඩිහිටියෙකුගෙන් රු 50 බැගින්ද ළමයෙක්ගෙන් රු 30 බැගින් අය කෙරේ පෙරේරා මහතා තම
බිරිඳ හා දරුවන් සමඟ නාට්‍යය බැලීමට අවසර පත් ලබා ගත්තේය ඒ සඳහා රු 190ක් වියදම්
විය පෙරේරා මහතාගේ පවුලේ දරුවන් කීයද?------
2පැන්සල් දුසිමක් රු 180 කට මිළට ගත් වෙළෙන්දෙක් ඒවා විකුණා රු 36ක ලාබ
ලැබීය පැන්සලක් විකුණු මිළ කීයද?---------
3පියල් ගමනකින් 3/5 ක් බසයෙන් ද 3/10ක් දුම්රියෙන් ද ඉතිරිය පාපැදියෙන් ද
ගමන් කළේය ඔහු පාපැදියෙන් ගමන් කළ ප්‍රමාණය කොපමණද?----------------
4නාමලී ළග ඇති මුදලට වඩා රු 18ක් වැඩියෙන් සරෝජනී ළඟ ඇත දෙදෙනා ළඟ ඇති
මුදලේ එකතුව රු 66 කි දෙදෙනා ලඟ ඇති මුදල් වෙන වෙනම සොයන්න
5මගේ කැටයේ කාසි 24ක් විය එයින් 1/3ක් පහේ කාසි චිය ඉතිරිය දෙකේ කාසි විය
කැටයේ තිබු කාසි වල මුළු වටිනාකම කීයද?------
6හරි හතරැස් කඩදාසියක සමමිතික අක්ෂ කීයක් තිබේද?---
7 8ත් 5ත් ගුණිතයට 9ත් 7ත් ගුණිතය එකතුකරන්න.
8 47 රෝම ඉලක්කමින් ලියන්න.
9ක්‍රීඩා පිටියක දිග මීටර් 120කි පළල මීටර් 80කි මෙම පිටිය වටේ 6 වාරයක්
ගමන් කරන්නෙකු ගමන් කරන දුර සොයන්න.
10අඔ ගෙඩි 25ක් රු 300කට මිලට ගත් වෙළෙන්දෙක් එකක් රු 15 බැගින් විකුණුවේය ඔහුගේ
ලාබය සොයන්න.
No comments:
Post a Comment