Tuesday, April 17, 2012

වැස්ස


  වැසි වසින විට කුඹුරේ ලියදි පිරී යයි. තවමත් වපුරා නැති වතුර පිරුණු ලියදි  ගමේ පු0චි අපට රජදහනකි. වැස්සට  තෙමී වතුරේ දඟලනවාට අම්ම එතරම් කැමති නැත අම්මා පොලේ ගිය  වේලාවේ මම  මල්ලී  සමඟ වෙලට පැන්නෙමි.

මේ අවස්ථාව ඉදිරියට ගෙන යමින් ඔබ කැමති ඔනෑම වාක්‍ය 6ක් ලියන්න
 
1.අපි හිතේ හැටියට බොහෝ වේලාවක් ලියදිවල පීනුවෙමි.
2.නියරවල් දිගේ දුවගොස් නැවතත් වතුර පිරුණු ලියදිවලට පැන්නෙමු.
3.අපි ලියදිවල සිටි මාළුන් ඇල්ලීමට  උත්සාහ ගත්තෙමු.
4.අපි කඩදාසි ඔරුවක් සදා වතුරේ පා කර යැව්වෙමු.
5.අම්ම ඈත එනු දුටු අපි හනික ගොඩට පැමිණියෙමු.
6.අම්මා අප දැක දොස් පැවරුවත් ඒ තරහින් නොවන බව අපට  වැටහුණි.

No comments:

Post a Comment