Monday, September 3, 2012

උපමා උපමේය


උපමා උපමේය
කිසියම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කර දැක්වීම උපමාවක් ලෙස හැඳින්වේ.

උපමාවකදී මෙන්,සේ,වැනි, බඳු, ලෙස, අයුරු ,එම ,විලස වැනි නිපාත පද යොදාගැනේ.

උපමාවට බඳුන් වන වස්තුව උපමේය වන අතර එය වර්ණනා කරන යෙදුම උපමාව නම් වේ.

ඇගේ දත් මුතු කැට මෙන් පියකරුය.
උපමේය-දත්
උපමාව-මුතුකැට

පහත වගන්ති වල උපමා උපමේය වෙන් කර ලියන්න.

  1. ඔහුගේ සිත කළුගලක් මෙන් දැඩිය.
  2. ළමයා පවනට බඳු වේගයෙන් දුව ආවේය.
  3. නංගීගේ මුහුණ පුන් සඳ මෙන් සුන්දරය.
  4. කිරි කොකුන් සැලක් සේ ළමයි පාසලට දුව ආහ.
  5. මුව පොව්වකු මෙන් අහිංසකයි.
  6. කුහුඹුවකු මෙන් කඩිසරයි.
  7. සිවලෙකු මෙන් කපටියි.
  8. හස්තිරාජයෙකු මෙන් ප්‍රතාපවත්
  9. මොනරකු මෙන් ආඩම්බරයි.

Sunday, September 2, 2012

සමාන පද


සමානාර්ථ පද-2012-9-2-
1.                       අවදිය= යුගය, සමය,වකවානුව
2.                       අපුල-අප්‍රිය-පිළිකුල්
3.                       අල්ප-සුළු, කුඩා,පුංචි,ලඝු
4.                       අළුත්-නව,නැවුම්, නවක
5.                       අවමානය-අපකීර්තිය-නින්දාව,අගෞරවය
6.                       අත-හස්තය- බාහුව
7.                       උපත-ඉපදීම-ජන්මය-උත්පත්තිය
8.                       අලියා-ගජ, හස්ති,නා,පිණිපා,මතඟ,වරණ
9.                       උපකාරය- උදව්ව,පිහිට,සරණ,සහය
10.              උදහස-කෝපය,කේන්තිය

Tuesday, July 10, 2012

පරිසර දැනුම


පරිසර දැනුම-ප්‍රදීප් ලියනගේ
  1.     මුද්දරයක දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ
  1. ·         මුදල් ඇමතිගේ අත්සන
  2. ·         ජනාධිපතිතුමාගේ අත්සන
  3. ·         නිකුත් කළ රට
  4. ·         දිය සලකුණ

2.      සිතියමක ප්‍රධාන මාර්ග දැක්වීමට යොදා ගන්නා වර්ණය
  1. ·         කළු
  2. ·         කහ
  3. ·         කොළ
  4. ·         රතු
  5.  
3.      අලංකාර මලක් සහිත විෂ සහිත ශාකයක් වන්නේ
  1. ·         බාඳුරා
  2. ·         නියඟලා
  3. ·         පිටවක්කා
  4. ·         මදුරු තලා

4.      මුදල් ඇණවුමක් ඉක්මනින් යැවිය හැකි ස්ථානය වන්නේ
  1. ·         බැංකුව
  2. ·         තැපැල් කාර්යාලය
  3. ·         ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  4. ·         ගමනා ගමන මණ්ඩලය

5.      හඳුන්කූරක් දල්වා තැබීම තුළින්
  1. ·         සුවඳ හමන බව දැනගත හැක.
  2. ·         සුළං හමන දිශාව දැනගත හැක.
  3. ·         දහනය සඳහා වාතය අවශ්‍ය බව දැන ගත හැක.
  4. ·         හඳුන්කූර දැල්විය හැකි බව දැනගත හැක.

6.      ඉක්මනින් පැළ වෙන බීජයක් වන්නේ
  1. ·         පොල්
  2. ·         පුවක්
  3. ·         මුං
  4. ·         කොස්
7.      නිවසේ විදුලිය තිබේ දැයි පරික්ෂා කිරීමට සුදුසු උපකරණය වන්නේ
·         ටෙස්ටරය
·         හෝල්ඩරය
·         ස්වීචය
·         මීටරය
8.      
9.      දල්ලේ රතු පැහැයක් දැකිය හැකි ශාකයක් වන්නේ
  1. කොස්
  2. කැන්ද
  3. නා
  4. කොට්ටන්
.  ජලාශ්‍රිතව වැවෙන ශාකයක් වන්නේ
  1. ·         පතොක්
  2. ·         පොල්පලා
  3. ·         කොහිල
  4. ·         වැල්පෙනෙල




Tuesday, June 12, 2012

සිංහල


ගැමි වහර
1.පොල් ගසක් අරබයා දෙපිරිස අතර ආරවුලක් ඇතිවිය.
  1. කරදරයක් 
  2. අමනාපයක් 
  3. රණ්ඩුවක්
2.වසර විස්සක් පමණ කාලයක් වලව්වේ හැදී වැඩුණු ලීලා වලව්වට බොහෝ සේ ‍ ලෙන්ගතු වූවාය

  1. ලැදිව 
  2. අකමැතිව 
  3. හිතහොඳින්
3.සිරිපාල දඩිබිඩියේ කෑම කා අවසන් කළේය
  1. සෙමින්
  2.  වේගයෙන් 
  3. ඉක්මනින්
4.පුත්‍රයා තම මව නැති අල්ලපනල්ලේ හොඳහැටි සෙල්ලම් කළේය. 
  1. වෙලාවේ 
  2. දිනයේ 
  3. ගෙදර
5.ඇය තම අහිමි වූ මුදල් පසුම්බිය පිළිබඳව හූල්ලමින් පසුවූවාය
  1. අහිමිවීම ගැන
  2. සුසුමක් හෙළමින්
  3. දුකින්
6.ඔහු ඒ පිළිබඳව හාංකවිසියක් වත් නොදන්නා බව තරයේ කියා සිටියේය.
  1. කිසිම දෙයක්
  2. කිවිසුමක් තරම්වත්
  3. හෝඩුවාවක් වත්
7.හේතුපාලට හරිහමන් රැකියාවක් තිබුණේ නැත.
  1. හොඳ
  2. ස්ථිරවම
  3. හොඳාකාර
8.සිරිපාල දඩිබිඩියේ කෑම කා අවසන් කළේය.
  1. සෙමින් 
  2. වේගයෙන්
  3. ඉක්මනින්

Wednesday, May 9, 2012

සාමාන්‍ය දැනිම


1කම්බියකට සීරීම නිසා ඇති විය හැකි රෝගයකි
  1. · ගලපටලය
  2. · පිටගැස්ම
  3. · ජලභීතිකාව
2එල් පී ගෑස් යනු
  1. · බලශක්තියකි
  2. · ඖෂධයකි
  3. · දියරයකි
3ඉරබටු තරුවට කියන තවත් නමකි
  1. · සිකුරු
  2. · අඟහරු
  3. · බ්‍රහස්පති
4වැඩීමට ආධාරක අවශ්‍ය වන්නේ
  1. · මුං
  2. · කඩල
  3. · මෑ
5බළලුන්ට ඹෟෂධයකි
  1. · නිදිකුම්බා
  2. · කුප්පමේනිය
  3. · පාවට්ටා
6පුරාණයේ වී අස්වැන්න ගබඩා කළ හැකි ස්ථානයකි
  1. · කමත
  2. · සිපිරි ගෙය
  3. · අටුව
7අප රටේ ප්‍රධාන ගංගා 4 නම් කරන්න-------------------------------------
8අප රටේ ප්‍රධාන පරිපාලන ආයතනය නම් කරන්න-------------------------------
9ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසියා කවුද------------------
10පරිගණක යන්ත්‍රය මුලින්ම නිපදවූයේ කවුද------------------------

1කම්බියකට සීරීම නිසා ඇති විය හැකි රෝගයකි
  1. · ගලපටලය
  2. · පිටගැස්ම
  3. · ජලභීතිකාව
2එල් පී ගෑස් යනු
  1. · බලශක්තියකි
  2. · ඖෂධයකි
  3. · දියරයකි
3ඉරබටු තරුවට කියන තවත් නමකි
  1. · සිකුරු
  2. · අඟහරු
  3. · බ්‍රහස්පති
4වැඩීමට ආධාරක අවශ්‍ය වන්නේ
  1. · මුං
  2. · කඩල
  3. · මෑ
5බළලුන්ට ඹෟෂධයකි
  1. නිදිකුම්බා
  2.  කුප්පමේනිය
  3. පාවට්ටා
6පුරාණයේ වී අස්වැන්න ගබඩා කළ හැකි ස්ථානයකි
  1. කමත
  2. සිපිරි ගෙය
  3. අටුව
7අප රටේ ප්‍රධාන ගංගා 4 නම් කරන්න-මහවැලි, කළු ,කැලණි ,වලවේ--
8අප රටේ ප්‍රධාන පරිපාලන ආයතනය නම් කරන්න---පාර්ලිමේන්තුව-
9ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසියා කවුද-ජනාධිපතිතුමා-
10පරිගණක යන්ත්‍රය මුලින්ම නිපදවූයේ කවුද---වාල්ස් බැබේජ්