Monday, September 3, 2012

උපමා උපමේය


උපමා උපමේය
කිසියම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කර දැක්වීම උපමාවක් ලෙස හැඳින්වේ.

උපමාවකදී මෙන්,සේ,වැනි, බඳු, ලෙස, අයුරු ,එම ,විලස වැනි නිපාත පද යොදාගැනේ.

උපමාවට බඳුන් වන වස්තුව උපමේය වන අතර එය වර්ණනා කරන යෙදුම උපමාව නම් වේ.

ඇගේ දත් මුතු කැට මෙන් පියකරුය.
උපමේය-දත්
උපමාව-මුතුකැට

පහත වගන්ති වල උපමා උපමේය වෙන් කර ලියන්න.

  1. ඔහුගේ සිත කළුගලක් මෙන් දැඩිය.
  2. ළමයා පවනට බඳු වේගයෙන් දුව ආවේය.
  3. නංගීගේ මුහුණ පුන් සඳ මෙන් සුන්දරය.
  4. කිරි කොකුන් සැලක් සේ ළමයි පාසලට දුව ආහ.
  5. මුව පොව්වකු මෙන් අහිංසකයි.
  6. කුහුඹුවකු මෙන් කඩිසරයි.
  7. සිවලෙකු මෙන් කපටියි.
  8. හස්තිරාජයෙකු මෙන් ප්‍රතාපවත්
  9. මොනරකු මෙන් ආඩම්බරයි.

7 comments: